හ්ම්ම්.. 12.01 පාන්දර... ඇයගෙන් call එකක්... Happy Birthday කිවුවා... මාත් thanks කිවුවා... මන් අහන් හිටියා "අපි චුට්ටක් කතා කරමුද ? " කියලවත් අහයි කියලා... ඒත් නෑ... වෙනදා නිහඬ බවම අපි අතරේ... එයාම මන් තියෙනව එහෙනම් කිවුවා... ඉතින් අසරන මම වෙන මොනවා කියන්නද... මාත් OK කිවුවා.හිත පිරිලා තිබ්බේ.. අඩුම තරමේ ඉස්ස ඉස්සෙල්ලාම මගේ 23 වෙනි උපන්දිනෙට එයා call කරපු එක ගැන... ඒ ගැන හිත හිතම නින්දට ගියේ කියා ගන්න බැරි හැඟීම්ම් කොටියක් හිතෙ පොදි බැඳගෙන...
ඒයා... නම රශ්මි... අපේ ආදර කතවට හරියටම හය මාසයයි... අපේ කිවුවට ඒක මගේ ආදර කතාව...මන් ඒයාගේ ජීවිතේට ඇතුල් උනේ එයාගේ ජීවිතය ලස්සන කරනවා කියලා ඒයාට පොරොන්දු දීලා නෙමෙයි... ඒත් මන් ඒක කොහොම හරි කරනවා කියලා මන් මටම පොරොන්දුවක් දීලා තිබ්බා...ඇයගේ අතීතය මන් ඇයටත් වැඩිය දැනන් උන්නා... ඒවා කිසි දෙයක් අපේ සම්බන්දයට ආදාල නැති උනත් මට ඒවායින් ඇති වැඩකුත් නැති උනත් මන් ඒ හැම දෙයක්ම දැනගෙන හිටියා...ප්රස්න කෝටියක් හිතේ දරාගෙන විඳවන ඇය ගැන මට ඇත්තටම තිබ්බේ පුදුම අනුකම්පාවක්... ඒ ප්රස්න වලට උත්තර හොයන්න මාත් ඇයත් එක්ක එකතු උනා... ඒත් එක්ක මන් අපේ අනාගතය ගැන පුලුවන් තරම් සිහින මැවුවා... ඒ හීන ඇයත් එක්කත් මන් බෙදා ගත්තා... ඒත් ඇය හැමවිටම කිවුවේ හීන වල ජීවත් වෙන්න එපා...ඇත්තට මුහණ දෙන්න කියලා...ඒත් මට එච්චරටම බොලඳ නොවී ඉන්න බැරි උනා...